Saturday, December 5, 2009

රජ කොල්ලෙක්

ලේ බොන මාපිලන් ඇති කරන
‌මැධිකල් කොලිජියේ සිට
මතක් වේ මට
ගමෙ වෙද මාමාගෙ දියනිය
පුන්චි වෙද හාමිනේ
----
යමි යලිත් මම ගමට
පුන්චි වෙද හාමිනේ ඇති
මග බලාගෙන
රණවරා කොප්පයකුත් හදාගෙන

හන්දියක් හන්දියක් ගානෙ
ඉන්ජෙක්ෂන්වලින් ලේ උරා බොන
චැනල් මාපිලෙක් වන්නට
කිසිසේත් බැහැ මට

පර සුද්දනි දැන ගනිල්ලා
‌‌ගොර සපුන්ටත් වෙදකම් කල
බුද්ධදාස රජ පරම්පරාවෙ
කොල්ලෙක් මම


- අමිල තේනුවරගේ "තටු බිදුනු හදවතක්" කවු පොත ඇසුරිනි